දෙවන ලෝක යුද්ධයේ අවසානයට පසුව ලෝක ආර්ථිකය තහවුරු කරගැනීම සඳහා යම්කිසි පද්ධතියක් ගොඩනැගීමට බටහිර රාජ්‍යයන් වලට අවශ්‍ය වුනා. මේ සඳහා "Bretton Wood System" ලෙස හැඳින්වුන සම්මුතියක් ගොඩනැගුනා. මේ තුල රත්රන් වලට එදිරිව සියලුම රටවල මුදල් ඒකකයන් මත විනිමය අනුපාත අගයන් තීරණය වුනා. මොහොතකට පමණක් විනිමය අනුපාත තීරණය වූ මේ ක්‍රමයෙන් පසු ලෝකයේ විශාල ආර්ථිකයන් හිමි රටවල් වඩාත් සීඝ්රයෙන් වෙනස් වීමටත් සංවර්ධනය වීමටත් පටන් ගත්තා. ඉන්පසු මේ ක්‍රියාපිලිවෙල යල් පැන ගියවූත් සීමාන්තික වූත් පද්ධතියක් වුනා.
1971 දී මේ සම්මුතිය අවලංගු කර ඊට වෙනස් වූ මිල නියම කිරීමේ ක්‍රමවේදයකට මාරු වුනා. මෙහිදී මුදල් වෙළඳපල විනිමය අනුපාත තීරණය කෙරුණේ ඉල්ලුම හා සැපයුම මතයි. මුලදී සාධාරණ ලෙස විනිමය අනුපාත අගයන් තීරණය කිරීමට මේ ක්‍රමවේදයෙන් ගොඩක් අපහසු වුණා. නමුත් තාක්ශණය හා සන්නිවේදනයේ දියුණුවත් සමඟ අවසානයේදී මෙය වඩාත් පහසුවෙන් සිදු කල හැකි වුනා. අන්තර්ජාලයේ දියුණුවත් සමඟ බැංකු "Trading Platforms" නිර්මාණය කරගත්තා. ඒ තුලින් තම සේවාදායකයන්ට සැණෙකින් තම ගනුදෙනු ක්‍රියාත්මක කරගන්න ඉඩකඩ සැලසුනා. මේ අතර "Retail Forex Brokers" ලෙස හඳුන්වන ආයතන තනි තනි පුද්ගලයන්ට මේ ආයෝජන කටයුතු වලට සම්බන්ධ වෙන්න ඉඩකඩ සලසා දුන්නා.

Retail Forex Brokers
Market Makers සහ Electronic Communications Network වශයෙන් Retail Forex Brokers දෙවර්ගයක් සිටිනවා.
Market Makers
මේ ආයතන තමන්ගේම මිලට ගන්නා අගයන් (Bid Price) සහ විකුණන අගයන් (Ask Price) එයාලම තීරණය කරලා තියෙනවා. උදාහරණයක් විදියට අපි හිතමු ඔයා ලඟ තියෙන මුදල්, විදේශ මුදල් වලට මාරු කරගන්න ඕන කියලා. එතකොට විදේශ මුදල් හුවමාරු කරන ආයතනයකට ගියාම එයාලා දක්වලා තියෙනවා මුදල් මිලට ගන්න අගයන් සහ විකුණන අගයන්. අන්න ඒ අගයන් තමයි එයාලගෙ ලාභය වෙනුවෙන් එයාල කලින් තීරණය කරල තියෙන අගයන්. තවත් විදියකින් කියනවනම් EUR/USD වල මිලට ගන්න අගය 1.2000 සහ විකුණන අගය 1.2002 කියල හිතමු. මෙතනදි මුදල් හුවමාරු කරන ආයතනය තීරණය කල අගය (Spread) 0.0002 තමයි Broker ගෙ ලාභය වෙන්නේ.
Electronic Communications Network
මේ ආයතන තමන්ගේ සේවාදායකයන්ට ලබාදී තිබෙන Trading Platforms තුල ඔවුන් යොදන ගනුදෙනු වලට සරිලන අගයන් නියම කරනවා. Trade කරන පුද්ගලයන්ට තමාගේ මිල ගණන් තීරණය කරගන්න පුලුවන්. ඔවුන් සිදු කරන Tradings මත ECN Broker ඉතා සුලු Commission එකක් අය කරනවා.
|