Forex Orders කියන්නේ මොනවද?
Forex Order එකක් කියන්නේ මූලික වශයෙන් මූල්‍ය වෙළඳපල ගනුදෙනුවක් සඳහා යොමු වීම හා අවසාන කිරීම කරන්නේ කොහොමද කියන පිලිවෙලයි. මේ අතර කිහිප ආකාරයක Forex Orders, Forex Market එක මත යොදන්න පුළුවන්. එක එක බ්රෝකර්ස්ලා එක එක ආකාරයේ orders භාවිතා කරන අතර, සෑම බ්‍රෝකර් කෙනෙක්ම භාවිතා කරන මූලිකම orders මොනවද කියල බලමු.
Market Order
Market Orders කියන්නේ කිසියම් වෙලාවකදී ඇති හොඳම මිල යටතේ Buy හෝ Sell කිරීම සඳහා යොදන Orders වලටයි. උදාහරණයක් විදියට EUR/USD වල Bid Price එක කිසියම් වෙලාවකදී 1.2140 සහ Ask Price එක 1.2142 කියල හිතමු. දැන් ඔයාට EUR/USD Buy කරන්න ඕන කියල හිතමු. මේ නිසා ඔයාගේ Trading Platform එකේ තියෙන Buy කියන Button එක Click කරපු ගමන් EUR/USD Ask Price එකේදි ඔයගෙ Order එක Open වෙනව.
Limit Entry Order
Limit Entry Orders කියන්නේ දැනට පවතින මිලට පහලින් Buy කිරීමට හෝ දැනට පවතින මිලට ඉහළ මිලකදී Sell කිරීමට යොදාගන්නා Orders වලටයි. උදාහරණයක් විදියට මෙහෙම හිතමු. දැනට EUR/USD මිල පවතින්නේ 1.2050. ඔයා කෙටි කාලයකදී profit එකක් ගන්න බලාපොරොත්තුවෙනවා කියල හිතමු, මිල 1.2070ට ආවම Sell Order එකක් දාලා. එතකොට monitor එක ඉස්සරහට වෙලා Price එක 1.2070ට එනකන් බලාගෙන ඉන්න ඕන නෑ Sell Limit Order එකක් Price එක 1.2070ට set කරල තිබ්බම. Buy Order එකකටත් මේ විදියටම Buy Limit එකක් යොදන්න පුලුවන්.
Stop-Entry Order
Stop-Entry Orders කියන්නේ දැනට පවතින මිලට වඩා ඉහලින් Buy කිරීමට හෝ දැනට පවතින මිලට වඩා පහල මිලකින් Sell කිරීමට යොදාගන්නා Orders වලටයි. උදාහරණයක් විදියට අපි හිතමු GBP/USD වල Price එක 1.5050 කියල දැන් තියෙන්නේ. ඉදිරි වෙලාවකදී මිල තව ඉහල යාවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නව කියල හිතමු, Price එක 1.5060ට එනකන්. මේ වගේ වෙලාවකදි යොදාගන්න තමයි Stop-Entry Orders තියෙන්නේ. Price එක 1.5060ට set කරල Buy-Stop Order එකක් Open කරන්න පුලුවන්. Market එක Sell වෙද්දි දාන්නේ Sell-Stop Orders.

Stop-Loss Order
Stop-Loss Orders කියන්නේ trade එකක් loss වීමේදී සිදුවන අමතර පාඩුවක් නතර කරගැනීම සඳහා යොදාගන්න Order එකක්. උදාහරණයක් විදියට EUR/USD දිගටම ඉහල යන අවස්ථාවකදී ඔයා Open කරලා තියෙන්නේ Sell Order එකක් කියල හිතමු. ඔයාගෙ Order එක ඔපෙන් වෙලා තියෙන්නේ 1.2230 නම්, Stop-Loss Order එක 1.2260 දැම්මනම්, Price 1.2260ට ආවහම trade එක close වෙනවා. එතනදී වුනේ අමතර පාඩුවක් නතරකරගැනීමයි.
Trailing Stop
Trailing Stop කියන්නේ හැමවෙලාවෙම trade එකත් එක්ක වෙනස් වෙන Stop-Loss Order එකක්. උදාහරණයක් විදියට USD/JPY Price එක 90.80. Trailing Stop එක පිප් 20යි. Price එක පහලට යනව කියල හිතමු. මේ වෙලාවෙදි Stop Loss එක වෙන්නේ 91.00. මිල තවත් පහලට ගියොත් 90.60 දක්වාම, Stop Loss එක වෙන්නේ 90.80. හැබැයි මෙතනදි මතකතියාගන්න ඕන මිල ආයෙ ඉහල ගියා කියල Stop Loss එක වෙනස් වෙන්නේ නෑ, trade එක close වෙනවා.
|