Forex වලදි Pip එකක් කියන්නේ මොකක්ද?
සමහරවිට ඔයා දැනටමත් අහලා ඇති Pip, Pipettes සහ Lot කියන වචන ගැන. පහතින් විස්තර කරලා තියෙන්නේ මේ Pip, Pipettes සහ Lot කියන්නේ මොනවද සහ ඒවායේ අගයන් ගණනය කරන්නේ කොහොමද කියලා. Forex trading වලදි මේ Pip සහ Lot ගැන අවබෝධය ගොඩක් වැදගත් වෙන නිසා ඒ ගැන හොඳින් දැන ගන්න පෙර trading නොකරන එක සුදුසුයි.
Pip සහ Pipettes
මුදල් වර්ග දෙකක් අතර අගය වෙනස්වීම ප්රකාශ කිරීමට යොදාගන්නා මිනුම් ඒකකය හැඳින්වෙන්නේ Pip කියලා. EUR/USD වල අගය 1.2250 සිට 1.2251 දක්වා වෙනස් වුනා කියල හිතන්න. මේ USD 0.0001 කින් වැඩි වීම කියන්නේ Pip 1ක් වැඩිවුනා කියන එකයි. සමාන්යයෙන් price quote එකක අන්තිම දශමස්ථානයෙන් කියන්නේ මේ Pip එක. ගොඩක් currency pairs දක්වන්නේ දශමස්ථාන 4කින් සහ සමහර currency pairs දශමස්ථාන 2කින්. නමුත් සමහර බ්රෝකර්ස්ලා ඉන්නවා, price quote එක දක්වන්නේ දශමස්ථාන 5කින් සහ 3කින්. උදාහරණයක් විදියට EUR/USD වල අගය 1.22500 සිට 1.22501 දක්වා වෙනස් වුනා කියල හිතන්න. මේ USD 0.0001 කින් වැඩි වීම කියන්නේ Pipette 1ක් වැඩිවුනා කියන එකයි.
දැන් අපි බලමු මේ Pip එකක වටිනාකම කොහොමද ගණනය කරන්නේ කියලා.
1 EUR / 1.2250 USD
( 0.0001 USD / 1.2250 USD ) * 1 EUR = 0.00008
මෙහිදී එක unit එකකට EUR 0.00008 වෙනවා. අපි unit 10,000ක් trade කලොත් ආසන්න වශයෙන් pip එකක වටිනාකම EUR 0.80ක් ( 0.00008 EUR * 10,000 units ) විතර වෙනවා.
දැන් අපි බලමු මේ Pip එකක වටිනාකම කොහොමද ගණනය කරන්නේ කියලා.
1 EUR / 1.2250 USD
( 0.0001 USD / 1.2250 USD ) * 1 EUR = 0.00008
මෙහිදී එක unit එකකට EUR 0.00008 වෙනවා. අපි unit 10,000ක් trade කලොත් ආසන්න වශයෙන් pip එකක වටිනාකම EUR 0.80ක් ( 0.00008 EUR * 10,000 units ) විතර වෙනවා.
Lot Size කියන්නේ මොකක්ද?
Forex වලදි trade කරද්දි මුදල් units වශයෙන් තමයි trade කරන්නේ. මේ units වලට තමයි Lots කියල කියන්නේ ඒ වගේම ඒවා විශේෂ ප්රමාණයන් කිහිපයකින් තමයි trade කරන්න යොදාගන්න වෙන්නේ. පහතින් දක්වලා තියෙන්නේ ඒ එක එක units ගණනට අදාල Lot sizes.
Lot
Standard
Mini
Micro
Nano
|
Units ගණන
100,000
10,000
1,000
100
|
|