1990 දශකය පමණ වෙනතුරු Forex ගනුදෙනු කිරීමට හැකිව පැවතුනේ ඉහළ පැලැන්තියේ අයට පමණයි. ඒ වන විට Forex Market එකට සම්බන්ධ වෙන්න පුලුවන් වුනේ මිලියන ගණන් සල්ලි තියෙන අයට විතරයි. නමුත් අන්තර්ජාලයේ දියුණුවත් සමඟ Online Forex Trading ආයතන බිහි වීමත් එක්කම ඕනෑම කෙනෙකුට Forex Market එකට ඇතුලු වෙන්න දොර ඇරුනා. පහලින් දක්වලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් Forex Market එකේ ගනුදෙනු කරන අය.
The Super Banks
ලෝකයේ තියෙන විශාලතම බැංකු තමයි මුදල් වලට ඇති ඉල්ලුම හා සැපයුම මත විනිමය අනුපාත අගයන් තීරණය කරන්නේ. මේ Super Banks වලට අයත් වන්නේ UBS, Barclays Capital, Deutsche Bank, සහ Citigroup යන ආයතනයි. මේ බැංකු සමූහයට Interbank Market කියලත් හඳුන්වනවා.
Large Commercial Companies
ව්‍යාපාර සමාගම් මේ වෙළඳපලත් එක්ක සම්බන්ධ වෙන්නේ තමන්ගේ ව්‍යාපාර ගනුදෙනු සඳහා වාසිදායක වන නිසා. උදාහරණයක් විදියට Apple සමාගමට ජපානයෙන් තමන්ගේ ව්‍යාපාරයට අවශ්‍යය වන ඉලෙක්ට්‍රොනික උපාංග මිලට ගන්න USD හුවමාරු කරගන්න වෙනවා Yen වලට. අනිත් කරුණ තමයි මේ Commercial Companies, Interbank Market එකේ තරම් පරිමාවක ගනුදෙනු සිදු වෙන්නේ නෑ.
Governments and Central Banks
අන්තර්ජාතික වෙළඳ ගනුදෙනු සහ තම විදේශ මුදල් සංචිත නිසා රටක ආණ්ඩුව Forex Market එකට සම්බන්ධ වෙනවා. ඒ වගේම උද්ධමනය පාලනය සඳහා පොලී අනුපාත තීරණය කිරීමට Central Banks වලට Forex Market එක වැදගත් වෙනවා.
The Speculators
එක එක ප්‍රමාණ වලින් ආයෝජනය කර ලාභ ලැබීමේ බලපොරොත්තුවෙන් Forex Market එකට එන පුද්ගලයන් තමයි මේ අය.
|