Practice Account එකක trade කරන්න!
අපි කලින් ඉගෙන ගත්ත විදියට BUY, SELL කරනවා කිවුවට කොහොමද මේක හරියටම කරන්නේ කියල තාම පැහැදිලි අවබෝධයක් ආධුනික ඔයාට නැතුව ඇති!. ඒ නිසා මුලින්ම කරන්න ඕන බ්‍රෝකර් සමාගමක ලියාපදිංචි වෙන එක. කලින් සඳහන් කරපු විධියට එක එක විධියෙ බ්‍රෝකර් සමාගම් තියෙනවා. ඊට අමතරව ලියාපදිංචි වෙන බ්‍රෝකර් සමාගමට මුදල් තැන්පත් කරන්න වෙනවා. ඒ මුදල් වලින් තමයි BUY, SELL දාන්න වෙන්නේ. මේ නිසා තමන් ආයෝජනය කරන්න හිතන මුදලට ගැලපෙන සමාගමක් තෝර ගන්න ඕන.
මේ බ්‍රෝකර් සමාගමක ලියාපදිංචි වුනාට පස්සේ ඇත්ත සල්ලි ආයෝජනය කරන්න ඕන. නමුත් ගොඩක් සමාගම් වල Demo Account එකක් Open කරගන්න පුලුවන් Real Account එකක් Open කරන්න කලින්. මේ Accounts වල තියෙන්නේ Virtual Money. Real Account එකක් වගේමයි.
ඒත් ඇයි මේ සමාගම් Demo Accounts open කරන්න ඉඩදෙන්නේ !
ඔයාට Trading Platform එක ගැන හොඳ අවබෝධයක් ලබාගන්න, යොදන මුදලේ අවධානම ගැන අවබෝධයක් ලබාගන්න වගේ හේතු නිසා තමයි නොමිලයේම මේ පහසුකම් සලසලා දෙන්නේ.
මෙතනදී කියන්න තියෙන වැදගත්ම දේ තමයි, Real Account එකක trade කරන්න කලින් Demo Account එකක trade කරල හොඳ practice එකක් නැතුව Real Account එකක trade කරන්න යන්න එපා කියලා. Demo Account එකක Profit ගන්න පුලුවන් විදියට trade කරන්න බැරිනම් Real Account එකකට නොයා ඉන්න එක තමයි වඩාත් සුදුසු. ඉවසීමක් නැතිව සල්ලි නැති කරගන්නවට වඩා වෙන දෙයකට ඒ සල්ලි යොදාගන්න එක ඊට වඩා හොඳයි.
Demo Account එකක් open කරන්න කලින්, මේ accounts open කරන්නේ මොන වගේ සමාගම් වලද? ඒ සමාගම් වැඩකරන්නේ කොහොමද යන්න පිලිබඳව දැනුවත් වීම අවශ්‍යයයි. මේ නිසා බ්‍රෝකර් සමාගම් ගැන ටිකක් දැනුවත් වෙමු. ඉන්පසුව හොඳ බ්‍රෝකර් කෙනෙක් ලඟ register වෙලා Demo Account එකක් open කරගෙන හොඳට practice කරන්න. ඉන් පසුව ඔයාට පුලුවන් Real Account එකකට යන්න. බ්‍රෝකර් සමාගම් ගැන ඉගෙනගන්න පහලින් පිවිසෙන්න.
|