Currency Pair එකක් Buy කරනවාද Sell කරනවාද !
පහත දක්වා තිබෙන උදාහරණ වලින් පැහැදිලි කරන්න යන්නේ Fundamental Analysis තුලින් මොනවාහරි Currency Pair එකක් Buy කරනවාද Sell කරනවාද යන්න තීරණය කරන්න උදවු කරගන්නේ කොහොමද කියල දැනගන්නයි.
EUR/USD
මේ උදාහරණයේදී Base Currency එක වෙන්නේ EUR. ඇමෙරිකානු ආර්ථිකය පහල වැටෙනව කියල ඔයා විශ්වාස කරනවනම්, ඔයා යොදන්න ඕන BUY EUR/USD Order එකක්. මේ විදියට ඔයා Buy කිරීමෙන් කරල තියෙන්නේ Euro Currency එක US Dollars වලට එදිරිව ඉහල යයි කියල Euros මිලට අරන් තියෙන එකයි. මීලඟට ඔයා හිතනවනම් ඇමරිකානු ආර්ථිකය ගොඩක් ශක්තිමත් සහ Euro පහල වැටිල US Dollar ඉහල යයි කියල, ඔයා යොදන්න ඕන SELL EUR/USD Order එකක්. මෙහෙම කිරීමෙන් කියන්නේ ඔයා Euro විකුණලා USD මිලට ගත්තා කියලයි.
USD/JPY
මේ උදාහරණයේදී Base Currency එක වෙන්නේ USD. ජපාන ආර්ථිකය පහල වැටෙනව කියල ඔයා විශ්වාස කරනවනම්, ඔයා යොදන්න ඕන BUY USD/JPY Order එකක්. මේ විදියට ඔයා Buy කිරීමෙන් කරල තියෙන්නේ Yen Currency එක US Dollars වලට එදිරිව පහල යයි කියල USD මිලට අරන් තියෙන එකයි. මීලඟට ඔයා හිතනවනම් ඇමරිකානු ආර්ථිකය පහල වැටිල ජපාන ආර්ථිකය ඉහල යයි කියල, ඔයා යොදන්න ඕන SELL USD/JPY Order එකක්. මෙහෙම කිරීමෙන් කියන්නේ ඔයා USD විකුණලා Yen මිලට ගත්තා කියලයි.
GBP/USD
මේ උදාහරණයේදී Base Currency එක වෙන්නේ Pound. ඇමෙරිකානු ආර්ථිකය පහල වැටෙනව කියල ඔයා විශ්වාස කරනවනම්, ඔයා යොදන්න ඕන BUY GBP/USD Order එකක්. මේ විදියට ඔයා Buy කිරීමෙන් කරල තියෙන්නේ Pound Currency එක US Dollars වලට එදිරිව ඉහල යයි කියල Pounds මිලට අරන් තියෙන එකයි. මීලඟට ඔයා හිතනවනම් ඇමරිකානු ආර්ථිකය ගොඩක් ශක්තිමත් සහ Pound පහල වැටිල US Dollar ඉහල යයි කියල, ඔයා යොදන්න ඕන SELL GBP/USD Order එකක්. මෙහෙම කිරීමෙන් කියන්නේ ඔයා Pounds විකුණලා USD මිලට ගත්තා කියලයි.
USD/CHF
මේ උදාහරණයේදී Base Currency එක වෙන්නේ USD. Swiss Frank පහල වැටෙනව කියල ඔයා විශ්වාස කරනවනම්, ඔයා යොදන්න ඕන BUY USD/CHF Order එකක්. මේ විදියට ඔයා Buy කිරීමෙන් කරල තියෙන්නේ Swiss Frank එක US Dollars වලට එදිරිව පහල යයි කියල USD මිලට අරන් තියෙන එකයි. මීලඟට ඔයා හිතනවනම් USD පහල වැටිල CHF ඉහල යයි කියල, ඔයා යොදන්න ඕන SELL USD/CHF Order එකක්. මෙහෙම කිරීමෙන් කියන්නේ ඔයා USD විකුණලා Swiss Frank මිලට ගත්තා කියලයි.
Margin Trading
මීළඟට බලමු Margin Trading කියන්නේ මොකද්ද කියලා. සාමන්‍යයෙන් ඔයාට හම්බවෙලා ඇති කඩයකට ගියාම තනි තනි වශයෙන් මිලට ගන්න බැරි නමුත් දුසිම් වශයෙන් මිලට ගන්න පුලුවන් භාණ්ඩ. උදාහරණයකට සුපිරි වෙළඳසැලක බිත්තර විකුණන්න තියෙනවා. අපිට එක බිත්තරයක් මිලට ගන්න බෑ. ගන්න පුලුවන් බිත්තර 12ක්. ඒ කියන්නේ බිත්තර දුසිමක්. ඒක Forex වලින් කියනවනම් "Lot" 12ක් කියලයි හඳුන්වන්නේ. මේ Lot කියන එක Forex වලදි ගොඩක් වැදගත් වෙනවා.
Forex වලදි එක Euro එකක් Buy හෝ Sell කරන්න යනවා කියන්නේ මෝඩ වැඩක්. සාමාන්‍යයෙන් Currencies එන්නේ ඉහතින් සඳහන් කරපු Lots වලින්. පහලින් දක්වලා තියෙන සටහන බලන්න.
Forex වලදි එක Euro එකක් Buy හෝ Sell කරන්න යනවා කියන්නේ මෝඩ වැඩක්. සාමාන්‍යයෙන් Currencies එන්නේ ඉහතින් සඳහන් කරපු Lots වලින්. පහලින් දක්වලා තියෙන සටහන බලන්න.
Currency Units
1,000 units
10,000 units
100,000 units
|
Micro Trade 0.01
Mini Trade 0.10
Standard Trade 1.00
|
දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් "මට Euro 10,000ක් Buy කරන්න තරම් සල්ලි නෑ...! නමුත් මට Trade කරන්න පුලුවන්ද!" කියලා. Margin Trading නිසා විශාල ප්‍රමාණයේ ගනුදෙනුවක් යොදවපු මුදලෙන් සුළු ප්‍රමාණයකින් පහසුවෙන්ම කරන්න පුලුවන්. ඒ කොහොමද කියල පහත උදාහරණයෙන් බලමු. Margin එක 2%ක් තුල GBP/USD Market එක තුල GBP ඉහල යන අවස්ථාවකදී ඔයා Standard Lot (100,000 units GBP/USD), Buy කරනවා. මිලට ගන්න අවස්ථාවේදී GBP/USD වල Price එක තියෙන්නේ 1.50000 කියල හිතමු. ඔයා GBP/USD 1.50000 වන විට එක Lot එකක් (100,000 units) මිලට ගද්දී, මිලට අරන් තියෙන්නේ පවුම් 100,000ක්. මේ ගාන USD150,000ක් වටිනවා. ( GBP 100,000 units * 1.50000 ). Margin එක 2% නිසා ඔයාගෙ Account එකෙන් USD 3,000ක් පමණයි මේ Trade එක Open කරන්න අවශ්‍ය වුනේ. ( USD 150,000 * 2% ). මේ නිසා GBP 100,000ක් පාලනය කරන්න USD 3,000කට පුලුවන් උනා. මීලඟට Price එක 1.50500 දී ඔයා Trading එක Close කලා කියල හිතමු. බලන්න පහතින් දක්වලා තියෙන සටහන.
|
මේ විදියට ගනුදෙනුව අවසාන කලාට පස්සේ Profit එක හරි Loss එක හරි ඔයාගේ ගිණුමට ලැබෙනවා.
|