Types of Forex Brokers : Dealing Desk and No Dealing Desk
දැන් අපි බලමු කවුද මේ Forex බ්රෝකර්ස්ලා කියන්නේ? කොහොමද එයාල සල්ලි හොයන්නේ? මොනවගේ බ්‍රෝකර් කෙනෙක්ද trader කෙනෙක් විදියට තෝරගන්න සුදුසු? Accounts වර්ග මොනවද? මේ ගැන ටිකක්, විස්තරයක් දැනගත්තට පස්සේ අපි Account එකක් Open කරගමු. මුලින්ම Demo Account එකක practice කරලා Real Account එකකට යන්න කියල තමයි මම උපදෙස් දෙන්නේ. එහෙම නැතුව හදිස්සියට ගිහිල්ල නිකරුනේ තමන්ගේ මුදල් නාස්ති කරගන්න එපා. ඒක අපේ රටටත් ලොකු අපරාධයක් වෙන්නේ. මොකද එහෙම කියන්නේ! ඔයාගෙ සල්ලි වෙන රටවල් වලට යන එක අපේ රටත අවාසියක් නේද? නමුත් මේ වැඩේ හරියට කරොත් ඔයාට වගේම අපේ රටටත් වාසියක්. මොකද විදේශ මුදල් අපේ රටට එනවනේ! Demo Account එකෙන් trade කරල පුරුදු වෙලා, profit කරන්න පුලුවන් මට්ටමකට එනකන් Real Account එකක් open කරන එපා. එහෙම නැතිව මේකෙන් සල්ලි හම්බකරන්න හිතනවනම් ඒක නිශ්ඵලයි. මොකද මම එහෙම කියන්නේ, නිකරුණේ අතේ තියෙන සල්ලි ටික නැති කරගන්න ඕන නැති නිසා. Account එකක් Open කරන්න කලින් පහත දක්වලා තියෙන දේවල් කියවලා බලලා තේරුම් අරගෙන Account එකක් Open කරමු. ඒ සඳහා දැනගතයුතු Forex Broker Types මොනවද කියල දැන් බලමු.
පලවෙනිම කරුණ තමයි ඔයා කැමති මොන විදියෙ Broker කෙනෙක්ටද කියන එක! ඔයා Restaurant එකකට ගිහින් කෑම් order කරනවා කියල හිතමු. එතනදි උනත් ඔයා මුලින්ම කරන්නේ මොකද්ද?, Restaurant එකේ Menu එක කියවල බලනවා මොනවද එයාලා Offer කරන්නේ කියලා. නේද!
ප්‍රධාන වශයෙන් Forex Brokersලා ජාති දෙකකට බෙන්දන්න පුලුවන්.
1. Dealing Desks
2. No Dealing Desks
Dealing Desk Brokersලටම තමයි Market Makers කියල කියන්නේ. No Dealing Desk Brokersලව තවත් කොටස් දෙකකට බෙදන්න පුලුවන්. ඒ Straight Through Processing හා Electronic Communication Network + Straight Through Processing විදියටයි.

Dealing Desks (Market Makers)
Dealing Desk සමාගම් ලාභ උපයාගන්නේ Spread එක මත. Bid ASK price quotes නියම කරන්නේ broker විසින්මයි. ඒ වගේම තමයි තමන්ගේ clientsලා වෙනුවෙන් liquidity provider විදියට කටයුතු කරන්නෙත් බ්‍රෝකර් සමාගමමයි. ඒ වගේම මෙයාලව Market Makers කියලත් හඳුන්වනවා. ඒ වගේම මෙයාලගේ තියෙන්නේ Fixed Spreads. මෙයාලා වැඩකරන විදිය ගැන පහැදිලි අවබෝධයක් ගන්න පුලුවන් පහත රූපයෙන්.
No Dealing Desks
නමේම තියෙනවා වගේ Dealing Desk එකක් මේ බ්‍රෝකර් සමාගම් වලට නෑ. මෙයාලා කරන්නේ පාර්ශවයන් දෙකක් එකට සම්බන්ධ කරවන එකයි. ඒ මඟින් Commissions හෝ අමතර pips කිහිපයක් spread එකට add කරල තමයි ලාභ ලබන්නේ. No Dealing Desk බ්‍රෝකර් සමගම් තවත් දෙයාකාරයකට වර්ග කරන්න පුලුවන්.
1. Straight Through Processing
2. Electronic Communication Network + Straight Through Processing
1. Straight Through Processing
2. Electronic Communication Network + Straight Through Processing
සමහර බ්‍රෝකර් සමාගම් කියාපානවා එයාලා ඇත්තටම ECN බ්රෝකර්ලා කියලා. නමුත් හුදෙක්ම එයාලා STP බ්රෝකර්ස්ලා. මේ නිසා මේ ගැන අවබෝධය වැදගත්. Straight Through Processing System එකක් තියෙන බ්‍රෝකර් කෙනෙක් කරන්නේ, clientsලා open කරන orders කෙලින්ම බ්‍රෝකර්ගේ, interbank market එකට සම්බන්ධ වෙන්න පුලුවන් liquidity providersලා වෙත යොමු කරනවා. මේ liquidity providersලා තමයි Bid Prices සහ Ask Prices තීරණය කරන්නේ. අපි හිතමු ඔයගෙ NDD STP බ්‍රෝකර්ට ඉන්නවා කියල liquidity providersලා 3 දෙනෙක්. පහත විදියට එක එක්කෙනා එයාලගේ Price Quotes දීලා තියෙනවා.
දැන් system එකෙන් මේ සේරම Ask Prices සහ Bid Prices, sort කරලා ගන්න පුලුවන් හොඳම prices මොනවද කියල බලනවා. ඉහත දක්වලා තියෙන liquidity providersලාගේ price quotes වලට අනුව බැලුවොත් හොඳම Bid Price එක වෙන්නේ 1.3000 සහ හොඳම Ask Price එක වෙන්නේ 1.3001. මේ විදියට ගත්තාම Price Quote එක වෙන්නේ 1.3000/1.3001.
දැන් ඔයා හිතන්නේ බ්‍රෝකර් මේ Price Quote එකට trades open කරන්න දෙනවා කියලද!
ඇත්තවශයෙන්ම නෑ. බ්‍රෝකර් සමාගම පිනට වැඩකරන්නේ නෑ. බ්‍රෝකර් කරන්නේ මේ Price Quote එකට Commission එකක් හරි අමතර Pips ගණනක් එකතු කරනවා. ඊට පස්සේ අලුත් Price Quote එක ඔයාට දෙනවා. එතකොට අලුත් Price Quote එක වෙන්නේ 1.2999/1.3002. මේ විදියට තමයි බ්‍රෝකර් ලාභ ලබන්නේ.
Electronic Communication Network බ්‍රෝකර් සමාගම් තමන්ගේ clientsලා open කරන orders, market එක තුල ඉන්න අනෙකුත් අයත් සමඟ අන්‍යෝන්‍ය ලෙස බලවපවත්වන්න ඉඩ දෙනවා. අනෙකුත් අය කියන්නේ market එකේ ඉන්න බැංකු, අනෙක් tradersලා, අනෙක් බ්‍රෝකර් සමාගම්. ඉතින් මේ හැමෝම තම තමන්ගේ prices ඉදිරිපත්කරමින් trade කරනවා එකිනෙකා පරයමින්. මේ බ්‍රෝකර් සමාගම් තමයි තමන්ගේ clientsලාට වෙලඳපොලේ නියම තත්ත්වය පෙන්නන්නේ. මේ නිසා fixed spreads වලින් ලාභ ලබන්න බැරි නිසා commissions වලින් මේ අය ලාභ ලබනවා.

|