Forex වලින් සල්ලි හොයන්නේ කොහොමද?
Forex වලදී ප්‍රධාන වශයෙන්ම වෙන්නේ මුදල් මිලට ගැනීම හා විකිණීමයි. අනෙකුත් වෙළඳපලවල් වලට ගොඩක් දුරට සමාන දෙයක්ම තමයි මේකෙදිත් වෙන්නේ. මෙහිදී Forex Trading එකකදී බලපොරොත්තු වන්නේ එක Currency එකක් තවත් එකකට, වටිනාකම වෙනස් වීමේ අපෙක්ෂාවෙන් හුවමාරු කිරීමක්. පහතින් දක්වලා තියෙන උදාහරණය බලන්න.
|
* EUR 10,000 x 1.18 = US $11,800
* * EUR 10,000 x 1.25 = US $12,500
* * EUR 10,000 x 1.25 = US $12,500
මෙතනදි EUR/USD Exchange Rate එක කියල දක්වන්නේ USD 1 කට කොච්චර Euro ගන්න පුලුවන්ද කියල හෝ Euro 1ක් ගන්න කොච්චර USD අවශ්‍ය වෙනවද කියන එකයි.
Forex Quote එකක් කියවන්නේ කොහොමද?
GBP/USD, USD/JPY යනාදී විදියට Currencies හැමවිටම දක්වලා තියෙන්නේ යුගල වශයෙන්. මේ විදියට දක්වන්න ප්‍රධානම හේතුව තමයි සෑම විදේශ විනිමය ගනුදෙනුවකදිම සිදු වෙන්නේ එක Currency එකක් විකුණලා අනෙක් Currency එක මිලට ගන්න නිසයි. GBP හ USD අතර පහතින් දක්වලා තියෙන උදාහරණය බලන්න.
ඇල ඉරෙන් වම් පැත්තෙන් තියෙන Currency එකට කියන්නේ Base Currency කියලා (මේ උදාහරණයේ හැටියට GBP). දකුණු පැත්තේ තියෙන Currency එකට කියන්නේ Counter හෝ Quote Currency කියලා (මේ උදාහරණයේ හැටියට USD). මිලට ගැනීමේදී Exchange Rate එක කියාපානවා Quote Currency එකෙන් කොපමණ ඒකක ගණනක් අවශ්‍ය වෙනවද Base Currency වල එක ඒකකයක් ගන්න කියලා. මේ උදාහරණයේ හැටියට GBP 1ක් ගන්න USD 1.51258ක් අවශ්‍ය වෙනවා. විකිණීමේදී Exchange Rate එක කියාපානවා Quote Currency එකෙන් කොපමණ ඒකක ගණනක් ලැබෙනවද Base Currency වල එක ඒකකයක් විකිණීමෙන් කියලා. මේ උදාහරණයේ හැටියට USD 1.51258ක් ලබාගන්න GBP 1ක් විකුණන්න අවශ්‍ය වෙනවා. Buy හෝ Sell යන ඕනෑම එකකදී හැමවිටම මූලික වෙන්නේ Base Currency එකයි. Base Currency එකේ වටිනාකම වැඩි වෙනවනම් Buy කරන්න ඕන. Base Currency එකේ වටිනාකම අඩු වෙනවනම් Sell කරන්න ඕන.
Bid / Ask Prices
සියලුම Forex Quotes දක්වන්නේ Bid හා Ask කියන Prices දෙකින්. ගොඩක් වෙලාවට Bid Price එක Ask Price එකට වඩා අඩුයි. Bid කියල කියන්නේ තැරැව්කාර සමාගම Quote Currency එක සඳහා Base Currency එක මිලට ගන්න කැමැත්තෙන් සිටින Price එකයි. Ask කියල කියන්නේ තැරැව්කාර සමාගම Quote Currency එක සඳහා Base Currency එක විකුණන්න කැමැත්තෙන් සිටින Price එකයි. මේ Ask Price එකට Offer Price කියලත් කියනවා.
සාමාන්‍යයෙන් Ask Price එක හා Bid Price එක අතර වෙනස තමයි Spread කියල කියන්නේ.
ඉහත රූපයට අනුව EUR/USD සඳහා Bid Price එක 1.34568 වන අතර Ask Price එක 1.34588 වෙනවා.
සාමාන්‍යයෙන් Ask Price එක හා Bid Price එක අතර වෙනස තමයි Spread කියල කියන්නේ.
ඉහත රූපයට අනුව EUR/USD සඳහා Bid Price එක 1.34568 වන අතර Ask Price එක 1.34588 වෙනවා.
|