Forex කියන්නෙ කුමක්ද?
ඔබට වෙනත් රටකට සංචාරය කරන්න සිදුවුනා යැයි සිතන්න. එවිට සාමාන්‍යයෙන් ගුවන් තොටුපලේ විදේශ මුදල් හුවමාරු කරන ස්ථානය සොයා ගන්න වෙනවා. ඊට පස්සේ ඔයා ලඟ තියෙන මුදල් ඔයා සංචාරය කරන්න යන රටේ මුදල් වලට හුවමාරු කරගන්න වෙනවා. විදේශ මුදල් හුවමාරු කරන ස්ථානයට ගියාම එතන එක එක රටවල් වල මුදල් හුවමාරු වන අගයන් දක්වාලා තියෙනව දකින්න පුලුවන්. අපි හිතමු ඔයා යන්නේ ජපානයට කියලා සහ ඔයා ලඟ තියෙන්නෙ $ කියලා. ඔයාට දකින්න පුලුවන් ජපානයේ මුදල් ඒකකය වන ¥100ක් $1 කට ගන්න පුලුවන් බව.
මේ විදියට ඔයා ලඟ තියෙන මුදල් තවත් මුදල් වර්ගයකට හුවමාරු කිරීමෙන් ඔයා ඇත්තටම සම්බන්ධ වෙලා තියෙන්නෙ Forex Market එකට. Forex වලින් කියනවනම් $ විකුණල ¥ මිලට ගත්තා.
නැවත අපසු ජපානයේ ඉඳලා මව් රටට එන්න යන විටදි මුදල් හුවමාරු ස්ථානයට ගිහින් මුදල් මාරු කරන්න බලද්දි මුලදි $ / ¥ වලට හුවමාරු කරපු අගයන් දැන් වෙනස් වෙලා. මේ වෙනස් වන අගයන් අපට උදව් වෙනව විදේශ මුදල් හුවමාරු වෙලඳපළ තුලින් මුදල් උපයන්න. නිතරම Forex, FX යන නම් වලින් හඳුන්වන ලෝකයේ තියෙන විශාලම මුදල් වෙළඳපොල තමයි මේ විදේශ මුදල් හුවමාරු වෙළඳපොල.
ලෝකයේ තියෙන විශාලම කොටස් වෙළඳපොල තමයි New York Stock Exchange (NYSE), දවසකට $ බිලියන 22.4ක් පමණ ගනුදෙනු සිදුවෙනවා. කාටූන් රූපයකින් ඒක පෙන්නුම් කලොත් පහත රූපය වගේ දක්වන්න පුලුවන්.

විදේශ විනිමය වෙළඳපොල තුල දවසකට $ ට්‍රිලියන 5ක් පමණ ගනුදෙනු සිදුවනවා. නමුත් සුළු ආයෝජනයන් කර මුදල් උපයන අපි වැනි ආයෝජකයන් සිදුකරන ගනුදෙනු ප්‍රමාණය දිනකට විනිමය වෙළඳපොල තුල $ ට්‍රිලියන 1.49ක් පමණ වනවා. ඇත්තටම විදේශ විනිමය වෙළඳපොල හා විශාලම කොටස් වෙළඳපොල සන්සන්දනය කර බැලුවොත් පහත රූප දෙකෙන් වෙනස බැලූබැල්මටම වටහාගන්න පුලුවන් වෙනවා.
දැන් Forex කියන එක ගැන අදහසක් ඔයාට ලැබිල ඇති. ඇත්තටම මෙ Forex Market එක තුල Trade කරන්නේ මොනවද?, ඒ ගැන වැඩිදුර ඉගෙනගන්න පහලින් පිවිසෙන්න.
|