How to Register?
මුලින්ම පහත button එක තුලින් Register වීම සඳහා පිවිසෙන්න.
ඉන්පසුව එන වෙබ් පිටුවේ පහත රූපයෙන් පෙන්වා ඇති තැන, ඉල්ලා තිබෙන විස්තර නිවැරදිව ලබා දී Register me button එක click කරන්න.
ඉන්පසුව ඔයා ලබා දීපු email account එකට ලොග් වෙන්න. MTrading වෙතින් ඔයාට පහත රූපයේ පරිදි email එකක් ඇවිත් ඇති. දැන් ඒ email එක open කරාම Activation Code කියල Number එකක් ඇති. ඒ Number එක Copy කරගෙන ආයෙමත් Registration කරන වෙබ් පිටුවට එන්න.
දැන් copy කරගත්ත Activation Code එක Registration page එකේ Activation Code කියන තැනට paste කරලා, ඉල්ලා තිබෙන අනෙකුත් විස්තර සේරම, නිවැරදි තොරතුරු ඇතුලත් කරලා Register me කියන Button එක නැවත click කරන්න. දැන් Registration වීම සම්පූර්ණයි.
How to open Demo Account?
පහත button එක click කරන්න.
දැන් ලැබෙන වෙබ් පිටුවේ Log in email කියන තැනට, ඔයා register වෙන්න ලබා දීපු email එක හා Password කියන තැනට password එක ලබා දී Log in Button එක click කරන්න.
ඊලඟට පහත රූපයේ දක්වලා තියෙන පරිදි "Account Management" Tab එක click කරන්න. ඉන් පසුව පෙන්වා ඇති පරිදි "Open Account (Demo)" click කරන්න.
දැන් ඔයාට Demo Account එක open කිරීම සඳහා තවත් විස්තර කිහිපයක් සම්පූර්ණ කරන්න වෙනවා. මෙතනදී MTrading සඳහා පහත රූපයේ දක්වා ඇති ආකාරයට ඒවා සම්පූර්ණ කරන්න. ඉන්පසු Open an account (Demo) කියන තැන ච්ලිච්ක් කරන්න.
ඉන්පසුව පහත ආකාරයට pop-up window එකක් ලැබේවි. ඒ window එකේ තියෙන්නේ ඔයා ඔපෙන් කරපු Demo Account එකේ Log in Details. ඒ කියන්නේ Demo Account එකේ trade කරන්න, Trading Platform එකට දාන්න ඕන Account Number එකයි Password එකයි. මේ විස්තර ටික කොහේ හරි ඔයාට අමතක වෙන්නේ නැති තැනක ලියල තියාගන්න. මේ Demo Account Log in Details ඔයාගේ email එකටත් ලැබෙනවා. Log in Details සඳහන් කරගත්තනම් "OK, hide it!" click කරන්න.
Login to Trade Account
දැන් ඔයා හදාගත්ත Demo Account එකට ලොග් වෙන්නේ කොහොමද බලමු. මුලින්ම ඔයා Traders Room එකට ලොග් වෙන්න. ඊලඟට Software කියන tab එක click කරන්න. දැන් ඔයාට දකින්න ලැබෙයි Meta Trader 4 Client Terminal කියන heading එකක්. ඒ යටතේ තියෙන Download කියන link එක click කරන්න. පැහැදිලි මදිනම් පහත රූපය බලන්න. Download link එක click කරාම එන file එක ඔයාගෙ computer එකට save කරගෙන open කරන්න.
දැන් ඔයා Download කරපු file එක open කරානම් පහත රූපයෙන් පෙන්වලා තියෙන ආකාරයේ window එකක් ලැබේවි. පෙන්වලා තියෙන විදියට "Next" click කරන්න.
දැන් ඊලඟට එන window එකේ "Yes, I agree........" කියන තැන ටික් එක දාලා නැවත "Next" click කරන්න. පහත රූපය බලන්න.
ඊලඟට පහත රූපයේ පරිදි ටික් ටික දාලා, "Next" කරන්න. මීලඟට එන්නේ අවසාන පියවර.
දැන් අවසාන වශයෙන් "Finish" click කරන්න.
දැන් ඔයා Trading Platform එක install කරලා ඉවරයි. දැන් Demo Account එකට ලොග් වෙමු. Platform එක open වුන ගමන් පහත රූපයේ ආකාරයට window එකක් ලැබෙයි. ලැබුනෙ නෑ කියල කලබල වෙන්න එපා. ලැබුනනම් රූපයෙන් දක්වලා තියෙන විදියට cancel කරන්න.
දැන් Menu Bar එකේ File menu එක click කරන්න. ඊලඟට එන menu එකෙන් Login to Trade Account කියන තැන click කරන්න. පැහදිලිව තේරුම්ගන්න රූපය බලන්න.
ඔයා කලින් ලියගත්ත Demo Account එකේ විස්තර දැන් ඕන වෙනවා. දැන් ඔයාට ලැබුන window එකේ "Login" කියන තැනට ඔයාගේ Demo Account එකේ number එක දෙන්න. ඊලඟට "Password" කියන තැනට දෙන්න ඕන ඔයාට ලැබුන Trader's password එක. Server එක MTrading-Demo ලෙස තෝරන්න. දැන් "Save account information" කියන තැන ටික් එක දාලා "Login" click කරන්න.
ඔයා හරියට කරානම් පහත රූපයේ රතු පාටින් පෙන්වලා තියෙන තැන ඔයාගෙ account number එක පෙන්වනවා.
|